Sathosa

Sep 06, 2018

බොරු චාමරලා නිසා ඇත්ත චාමරගෙ හිත රිදිලා

චාමර වීරසිංහ කියන්නේ සංගීත වේදීකාවට නැතුවම බැරි ජනප්‍රිය ගායකයෙක්. ඔහු කැපවීම සහ උනන්දුව මත ගායන ක්ෂේත්‍රෙය් නමක් තැබුවා. ඒ වගේම ඔහු පිළිබඳව නොකියාම බැරි අනෙක් කරුණ වන්නේ ඔහු හිත හොඳ නිහතමානි චරිතයක් කියන එක. කොහොම වුණත් මේ හිත හොඳකම නිසාම චාමර හිත රිදවා ගත්තා.

චාමරගෙ ගීත අරන් වේදිකාවට නගින බොරු චාමරලා දැන් රට හැම තැනම. චාමරට ආරාධනා නොකරන නමුත් ඔහු එන බව පවසා ප්‍රචාරන කටයුතු සිදුකරන සහ අවසානයේ බොරු චාමර කෙනෙක් වේදිකායට නංවා ගීත ගායනා කරවන ප්‍රසංග පිළිබඳව චාමර පළමු වරට සිය ෆේස්බුක් පිටුවේ මෙසේ සටහනක් තබා තිබුණා.

මුලින්ම කියන්න ඔනේ මෙ කියන දෙවල් මම කියන්නේ ඔයාලා එක්ක තියෙන තරහකටවත් ඊර්ෂ්‍යාවකටවත් නෙවෙයි. මම කැමති මිනිස්සු මටත් වඩා ඉහලට යනවනම්. එකට මගේ කිසිම දවසක කිසිම වේලාවක වචනෙකින්වත් වැරැද්දක් වෙන්නෙ නැ. පහුගිය දවස් වල සිද්දවුන නොයෙකුත් සිදුවිම් නිසා මෙ ටික කියන්න හිතුණා.

මෙතැනට එන්න කලියෙන් මා වේරලියද්දයන්ගේ ගීත ගායනා කළ බව ඇත්ත.නමුත් මා එදා එතුමන්ගේ ගීත පමණක් ගායනා කලේ නැත.අනෙකුත් කලාකරුවන්ගේ ගීත සමගිනුයි වේරලියද්දයන්ගේ ගීතා ගායනා කලේ.

මගේ නමට ඉදිරියෙන් විශේෂණ පද යොදා,දැනට මගේ ගීත ගායනා කරන හැමදෙනාගෙන්ම මම බොහොම ආදරෙන් ඉල්ලනවා ,මගේ ගීත සියල්ලම උනත් ගායනා කලාට කමක්නෑ තමන් ස්ථිර එක් සංගීත කණඩායමක නියාමක ගායන ශිල්පියකු පමණක් වී.

ප්‍රසිද්ද වේදිකා මත මගේ ගීත පමණක් ගායනා නොකරන ලෙසත් අනෙකුත් කලාකරුවන්ගේ ගීත සමගින් පමණක් මගේ ගීත ගායනා කරන ලෙසත් ප්‍රසංග සංවිධානය කරන මහත්වරුන්ගේන් මම බොහොම ආදරෙන් ඉල්ලනවා. ඒ වගේම මට ලබා නොදෙන ප්‍රසංගවලට මගේ රුපය යොදා ගෙන මිනිස්සු මුලා නොකරන ලෙසටත් ඉල්ලා සිටිනවා. තෙරුවන්සරණයි

chamara

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top