Sep 10, 2018

ජනප්‍රිය ඔස්කා සම්මාන ඛාණ්ඩය කල්යයි

වාර්ෂික ඔස්කා සම්මාන උළෙලට එක්කිරීමට නියමිතව තිබූ නව ‘ජනප්‍රිය සම්මාන’ ඛාණ්ඩය කල්දැමීමට එහි සංවිධායකයන් තීරණය කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එම ඇකඩමියේ ප්‍රධාන විධායක නිළධාරියා පවසා තිබුණේ මේ සම්බන්ධයෙන් සිය සාමාජිකයන් සමග වැඩිදුරටත් සාකච්ඡා කිරීමට අවශ්‍ය බවයි.

ලබන පෙබරවාරියේ දී පැවැත්වීමට නියමිත ඔස්කාර් සම්මාන උළෙල සඳහා නව ‘ජනප්‍රිය සම්මානයක්’ හඳුන්වාදීමට යන බව පසුගිය මාසයේදී නිවේදනය කර තිබූ අතර, එයට හොලිවුඩ් පුරවරය තුළින් දැඩි විවේචනයක් එල්ල වී තිබුණි.

සබැඳි පුවත් :

ඔස්කා ජනප්‍රිය සම්මානයට හොලිවුඩයෙන් බකට්!

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top