Sathosa

Sep 11, 2018

''ධනා  ඇයි එහෙම චපල උනේ........'' (වීඩියෝ)

ධනපාල උඩවත්ත කියන්නෙ ලංකාවේ සංගීත ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙක්. ඔහු සංගීත සන්දර්ශන වලත් නිතරම දකින්න ලැබෙන ගායකයෙක්. කොහොම උනත් පසුගියදා පැවති ප්‍රසංගයක් අතරතුරේ ධනපාල උඩවත්ත ප්‍රසිද්ධියේම වේදිකාවේම සංගීත කණ්ඩායමට ගීතයෙන්ම දෝෂාරෝපනය කරනවා.
කොහොම උනත්  මේ සිදුවීම පිළිබදව අදහස් දක්වන රසික රසිකාවියන් මෙන්ම සංගීත කණ්ඩායම්වල සාමජිකයන් කියන්නේ මෙය ප්‍රවීනයෙකුට තරම් නොවන බවයි. කොහොම උනත් ධනපාල උඩවත්ත ගීතයෙන්ම සංගීත කණ්ඩායමට දොස් නගද්දිත් ඔවුන් ඒ සදහා සංගීතය සැපයීමට තරම් නිහතමානී වීම පිළිබද බොහෝ දෙනෙක් ප්‍රශංසා කරල තියෙනවා.
 
ඒ පිළිබදව පළවූ ප්‍රතිචාරයන් ද බොහෝමයකි
 
'ලොකේ හැමදෙයක්ම සර්ව සම්පුර්ණව කරන්න පුලුවන් කෙනෙක් නෑ ධනපාල...... ඔබත් එහෙම කෙනෙක්... ඔය බෑන්ඩ් එක ඔයතරම් සෙනග මැද්දෙ ඔහොම තනි උනාම කොහොම කනගාටුවක් වෙන්න ඇතිද ? ඔබටත් තේරෙයි කවදාහරි ඔබේ සින්දු අහන්න අකමැති කට්ටියක් අතරේ තනි උනු වෙලාවක..... no ධන ඔබ රින....'
 
'ලැජ්ජයි ප්‍රවීනයෙක් කියන්නත් ප්‍රවීනයෙක් කියන්නෙ නවකයන්‍ට අත දෙන පිරිසක් ඇරෙන්න තමන් පොරක් කියලා හිතාගත්ත
මේ වගේ  නෙවෙයි 
ප්‍රවීනයෙක්නම් ඔයා ඔහොම හැසිරෙන්න ඕනි නෑ මහත්තයෝ වැදගත් වෙන්න තිබුනා'
 
'පලු යන්න ස්ටේජ් එකේ බනිනකොටත් බෑන්ඩ් එක සිංදුව නතර කලේ නෑ..ඒ සීරියස්ලගේ නිහතමානී කම..දනපාල මහත්තයට වඩා තැනක සීරියස්ලා ඉන්නවා බොක්ක'
වීඩියෝව උපුටා ගැනීම Chathu Herath ගේ ෆේස්බුක් පිටුවෙන්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top