ඇය මෙවර රිදී තිරයට නගන්නේ ශ්‍රී ලාංකික සම්භවයක් සහිත කැනේඩියානු ජාතික - ශ්‍යාම් සෙල්වදුරෙයි විසින් රචිත සම්මානනීය කෘතියක් වන ‘ෆනී බෝයි’ ය.
කොළඹ ධනවත් දමිළ පවුලට උපන් පිරිමි දරුවෙකු, සිය ලිංගිකත්වය හා වාර්ගික අන්යන්යතාවය පිළිබඳ නිගමනයන්ට එළැඹෙන අයුරු හා අසූවැනි දශකයේ ලංකාවේ ඇති වූ කලබල සමයේදී මුහුණදීමට සිදුවන අත්දැකීම් පිළිබඳව ‘ෆනී බෝයි’ කෘතියෙන් දිගහැරෙයි.
ඉන්ඩියන් එක්ස්ප්‍රස් පුවත් සේවයට අදහස් දක්වමින් දීපා මෙහෙතා පවසා තිබුණේ මෙය ඉතා අලංකාර කෘතියක් බවයි.