එලෙස පළ වූ ට්විටර් පණිවිඩ පහත දැක්වේ.
මෙම පණිවිඩ පළ කර ඇති ගිණුම සයිබර් ප්‍රහාරයකට ලක්ව ඇති බවත්, එම ට්විටර් පණිවිඩ ඉවත් කර ඇති බවත් සෝනි සමාගම පසුව පවසා තිබේ.
මේ හේතුවෙන් බ්‍රිට්නි ගේ රසික රසිකාවියන් ගෙන් සමාව අයැද සිටින බවද ඔවුන් වැඩිදුරටත් පවසා තිබේ.
මේ සම්බන්ධයෙන් බ්‍රිට්නි ස්පියර්ස් ඍජුව ප්‍රතිචාර දක්වා නැතත් සිය සේවාදායිකාව සුවෙන් සිටින බව ඇගේ කළමනාකරුවා පවසා ඇත.
අවර්මයින් (OurMine) නම් කණ්ඩායමක් විසින් මෙම ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන අතර, ඔවුන් මීට දින කිහිපයකට පෙර NetFlix US, Marvel Entertainment හි ට්විටර් ගිණුම් වලට ද මේ අයුරින් අනවසරයෙන් ඇතුල් වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.