nsb
Sathosa

Sep 14, 2018

ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය 2018

ජපන් තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ජපන් භාෂා ගුරු සංගමය විසින් සංවිධානය කෙරෙන ජපන් සංස්කෘතික ප්‍රදර්ශනය සැප්තැම්බර් 15 සහ 16 යන දෙදින තුළ කොළඹ 03 ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමණාකරණ ආයතනයේදී දී පවත්වන බව ජපන් තානාපති කාර්යාලය පවසයි.

ජපන් සංස්කෘතික අංගයන් වන ඉකෙබනා (මල් සැකසුම්), ඔරිගමි (කඩදාසි නැමීමේ කලාව) සහ බොන්සායි සංදර්ශන සහ ප්‍රදර්ශන පහත කාලසටහනට අනුව මෙහිදී ඉදිරිපත් කෙරේ. මීට අමතරව ජපානයේ සිට පැමිණෙන ජපන් ජාතික විශේෂඥයකුගේ තේ සංදර්ශනයක්ද ඉදිරිපත් කිරීමට නියමිතය.

සැප්තැම්බර් මස 15වන දින දහවල් 12.00 සිට සවස 6.00 දක්වාත් සැප්තැම්බර් 16වන දින උදේ 9.00 සිට සවස 6.00 දක්වාත් මෙම ප්‍රදර්ශනය නොමිලේ විවෘත වේ.

සංදර්ශන
තේ සංදර්ශනය    සැප්තැම්බර් 15 ප.ව 1.30 – 2.30
                         සැප්තැම්බර් 16 පෙ.ව 10.00 – 11.00


ඉකෙබනා            සැප්තැම්බර් 15 ප.ව 3.00 – 4.00
                         සැප්තැම්බර් 16 ප.ව 2.15 – 3.15


ඔරිගමි                සැප්තැම්බර් 15 ප.ව 4.15 – 5.15
                         සැප්තැම්බර් 16 ප.ව 3.30 – 4.30

බොන්සායි          සැප්තැම්බර් 16 ප.ව 1.00 – 2.00

ජපන් සංස්කෘතිය සහ ජීවන ශෛලිය විදහා දැක්වෙන ලෙස සංවිධානය කෙරෙන මෙම ප්‍රදර්ශනය මගින් ජපන් සහ ශ්‍රී ලංකා ජනතාව අතර පවතින මිතුදම තවදුරටත් වර්ධනය වෙතැයි අපේක්ෂා කරයි.

වැඩි විස්තර - දු.ක :94-11-269-3831~3 ( දිගුව- 266)

culturalj

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top