Sathosa

Sep 19, 2018

"දැවෙන විහගුන්" ගැන විද්වත් කතිකාවතක්

පසුගිය වකවානුවේ මෙරට ප්‍රේක්ෂකයින් හා විචාරකයින් අතර කතා බහට ලක් වූ සංජීව පුෂ්පකුමාරගේ ‘දැවෙන විහගුන්’ සිනමා කෘතිය සම්බන්ධ විද්වත් කතිකාවක් මෙම මස 29 වැනි සෙනසුරාදා සවස 3.00 සිට මරදාන ඩීන්ස් පාරේ සමාජය හා සාමයික කේන්ද්‍රයේ ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ.

මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධ්‍ය එ්කකය නැවත සක‍්‍රිය කරමින් සිනමාව, වේදිකා නාට්‍ය, සංගීතය, සාහිත්‍ය හා නර්ථන වැනි අංශ තුලින් විශේෂ වැඩසටහන් සංවිධානය කිරීමේ සමාරම්භක වැඩසටහන ලෙස ‘ CSR කලාකෙත’ මගින් සංවිධානය කරනු ලබයි.

ප‍්‍රවීන සිනමා විචාරකයින් වන අජිත් ගලප්පත්ති, භූපති නලින් වික‍්‍රමගේ, සුමිත් චාමින්ද යන අයගේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙම විද්වත් සිනමා කතිකාව මෙහෙයවනුයේ ප‍්‍රවීන නිවේදක නුවන් ජූඩ් ලියනගේ මහතා විසිනි.

සමාජය හා සාමයික කේන්ද්‍රයේ මාධය එ්කකයේ පූර්ණ අනුග‍්‍රහයෙන් පැවැත්වෙන මෙහි සංවිධාන හා සම්බන්ධීකරණ සහාය ‘කෙටි චිත‍්‍රපට සංගමය’ හා ‘ශ‍්‍රී ලංකා විකල්ප සිනමාවේදීන්ගේ සංසදය’ මගිනි.

වැඩි විස්තර - තිළිණ අලහකෝන් - 0777 530082

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top