අවුරුදු 8දී ස්වකීය පළමු කාව්‍ය එකතුව 'ඒදඬු පාලම' කෘතියක්ව පල කළ චමත්ක එයින් සිය ප්‍රතිභාව මොනවට පසක් කළේය.ඉන් දෙවසරකට පසු 'එදා එහෙම දවසක්'කෘතිය රචනා කළ චමත්ක ඒ අතරතුර 'රැස' පුවත්පත ආරම්භයේ සිටම 'චමත්කාර'තීරු ලිපි එකතුව රචනා කළේය.
ඒ ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී,ලේඛක තිඹිරියාගම බණ්ඩාර විසින් සංස්කරණය කරනු ලැබූ 'වැලිමිදුල'ළමා පිටුව හරහා ය.රැස සමාරම්භක කතෘ,චාමර ලක්ෂාන් කුමාර මහතාගේද පූර්ණ සහය ඒ සඳහා ලැබිණි.
චමත්ක කවීන්ගේ 'චමත්කාර' 'රැස'පුවත්පතේ පළවූ ලිපි එකතුවක් කෘතියක්ව එළිදකින පළමු අවස්ථාවද වෙයි.