Sep 24, 2018

The Young Karl Marx : ඔක්තෝබර් 3 දා යාපනයේ

යාපනය අන්තර් ජාතික සිනමා ප්‍රදර්ශනය මෙවරත් ඔක්තෝබර් මස 3 වැනිදා සිට 8 වැනිදා දක්වා යාපනයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

යාපනයේ සිනමා ශාලා හිමියන්ගේ සංගමය සහ තවත් සිවිල් සංවිධාන ගණනාවක එකතුවෙන් මෙම ජාත්‍යන්තර සිනමා ප්‍රදර්ශන උළෙල පැවැත්වෙන අතර ඔක්තෝබර් 3 වැනිදා සිනමා උළෙල ආරම්භ කරමින් පස්වරු 5.45ට යාපනයේ මැජෙස්ටික් සිනමා ශාලාවේදී “ද යන්ග් කාල් මාර්ක්ස්'' (The Young Karl Marx) චිත්‍රපටය තිරගතවීමට නියමිතය.

(ලංකා ට්රුත්)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top