Sathosa

Oct 01, 2018

ඕස්ට්‍රේලියාවේ ජයගත් නුවන්දිකා යළිත් මෙරටට

ඔස්‍ට්‍රේලියාවේ පර්ත් නුවරදී පැවැත්වුණු Miss British Empire 2018 ජාත්‍යන්තර රූ රැජිණ තරඟයේදී, රටවල් 97 රෑමතියන් අතුරින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව නියෝජනය කළ වෛද්‍ය නුවන්දිකා ලක්මාලි වික්‍රමරත්න සිරිවර්ධන පසුගියදා සමත් විය.

වෛද්‍ය වෘත්තියට අමතරව ඇය වසර 2017 සිට වෝටර්ස් ඒජ් හෝටලයේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් ලෙස කටයුතු කරන අතර සකුරායි ඒවියේෂන් හි සන්නාම තානාපතිනිය ලෙස කටයුතු කරයි. තවද සිය පවුලේ ව්‍යාපාරය වන Elegant Cleopatra නමින් ඇඳුම්, රූපලාවන්‍ය ද්‍රව්‍ය, සහ විලාසිතා සන්නාමයක් පවත්වාගෙන යාමටද ඇය සහාය දෙමින් සිටියි. ගායිකාවක් සහ ගී පද රචිකාවක් ලෙසද කටයුතු කරන ඇය මෙරට පිළිකා රෝගීන් සඳහා මූල්‍ය අරමුදලක් පිහිටුවා ගැනීමේ අරමුණින් ද ඇය කටයුතු කරයි.

ඇයව මෙම තරගය සඳහා පුහුණු කරනු ලැබුවේ ප්‍රමුඛතම මෝස්තර නිර්මාණ ශිල්පියෙක් වන බ්‍රයන් කර්කෝවන් විසිනි.

ඇය තරගය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව මෙරට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලට පැමිණි අවස්ථාවයි මේ.

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top