Oct 01, 2018

රන්වල බලකායේ කොලුවෙක් චීන කෙල්ලකට සෙට් වෙලා (වීඩියෝ) Featured

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කළ 69 වැනි චීන ජාතික දින සැමරුම් උත්සවය පසුගිය 29 වැනිදා බන්ඩාරණායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එම උත්සවයේදී රන්වල බලකාය විසින් ඉදිරිපත් කළ සංගීත අංගයකට චීන ජාතික යුවතියක් රංගනයෙන් දායක විය.

ආදරය මුල්කරගෙන තැනුන එම ගීතයට ප්‍රේක්ෂකයන්ගේ වැඩි ප්‍රතිචාර හිමිවිය.

මෙහි මුල් ගායනය සිදුකර ඇත්තේ චිරන්ත රන්වල විසින් වන අතර සහන් රන්වල මෙහි සංගීතය නිර්මාණය කර තිබේ.

මුල් ගායනයේ ගී පද නිලාර් එන්. කාසිම්ගේය.

ශ්‍රී ලංකා චීන ජනමාධ්‍යවේදීන්ගේ සංසදය සංවිධානය කළ 69 වැනි චීන ජාතික දින සැමරුම් උත්සවයේ සම්පූර්ණ වීඩියෝව මෙතනින් 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top