Oct 03, 2018

‘ශාන්ත මේ රෑ යාමේ’ ජපන් සංගීත මිහිරෙන්

ජපන් සංගීතඥ සුමී කනෙකෝ මහත්මිය විසින් ඉදිරිපත් කල ප්‍රසංගයක් පසුගිය සැප්තැම්බර් 28 වන දින, කොළඹ විශ්වවිද්‍යාලයේ කළමණාකරණ හා මූල්‍ය පීඨයේ ශ්රවණාගාරයේදී පැවැත්විණි.

සාම්ප්‍රදායික ජපන් සංගීත භාණ්ඩ වන “කොතෝ” සහ “ශමිසෙන්’ වාද්‍ය විශේෂඥයකු වන කනෙකෝ මහත්මියගේ මෙම ප්‍රසංගය ශ්‍රී ලංකාවේ ජපන් තානාපති කාර්යාලය විසින් ඉදිරිපත් කෙරිණි.

සිය ගණනක් වූ ශ්‍රී ලාංකික රසිකයන් රසවිඳි සාම්ප්‍රදායික ජපන් සංගීතයේ මිහිරෙන් සපිරුණ මෙම ප්‍රසංගයේදී කනෙකෝ මහත්මිය විසින් පණ්ඩිත් අමරදේවයන්ගේ ගීතයක් වන “ශාන්ත මේ රෑ යාමේ” ගයමින් වාදනය කර රසිකයන් අමන්දානන්දයට පත් කළාය.

මීට ඉහතදී ජපන් රජය විසින් කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ජනමාධ්‍ය අංශය වෙත එහි ප්‍රායෝගික පුහුණු උපකරණ වැඩිදියුණු කිරීම සඳහා, එම රජයේ සංස්කෘතික අරමුදල යටතේ රුපියල් මිලියන 1.2 ක් වටිනා දායකත්වයක් ලබා දිණි.

ජපානය සහ කොළඹ විශ්වවිද්යාලය අතර නව පිටුවක් සනිටුහන් කිරීමට මෙම ප්‍රසංගය සමත් විය.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top