පසුගිය ජුනි මාසයෙන් පසුව බින්බින් පිළිබඳ කිසිඳු තොරතුරක් වාර්තා නොවුනු අතර, Xinhua පුවත් ඒජන්සිය විසින් ප්රකාශයට පත් කළ මෙම පුවතින් වාර්තාවූයේ බදු මුදල් වංචා කිරීම හේතුවෙන් ඇයට එරෙහිව පරීක්ෂණයක් පවත්වා ඇති බවයි.
මෙම පරීක්ෂණයට බාධා කිරීම හේතුවෙන් ඇගේ නියෝජිතයා පොලිස් භාරයට ගෙන ඇති බවද එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
ෆෑන් විසින් මෙම වන්දි හා දඩ මුදල් නිසි කලට ගෙවා දමන තාක් ඇයටඅපරාධ චෝදනා එල්ල නොවන්නේ යැයි චීන බදු බලධාරීන් සඳහන් කර බව මෙම පුවත් වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.
අද දිනයේ සිය වෙයිබෝ සමාජ ජාල ගිණුමට පණිවිඩයක් එක්කරමින් ෆෑන් ප්රසිද්ධියේ සමාව ඉල්ලා තිබේ.
චීනයේ ජනප්රිතම චිත්රපට නිළියක් වන ෆෑන්, අයන් මෑන් 3 චිත්රපටයේ මෙන්ම එක්ස්-මෙන් : ඩේස් ඔෆ් ෆියුචර් පාස්ට් චිත්රපටයේද රඟපෑවාය.