Oct 09, 2018

නිහඬ වූ රොනී හෙට දිවයිනට

අභාවප‍්‍රාප්ත ජනප්‍රිය ගායක සහ රංගන ශිල්පී රොනී ලීච් මහතාගේ දේහය හෙට (10) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබේ.

ඔහු ඉකුත් පළමු වැනිදා හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් අභාවප‍්‍රාප්ත වූයේ ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදීය.

ඔහුගේ දේහය හෙට පස්වරු 6.30 සිට අනිද්දා (11) පස්වරු 2.00 දක්වා බොරැල්ලේ පිහිටි මල් ශාලාවක තැන්පත් කරන බව ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවෙල් මහතා පවසයි. ඒ අනුව එම කාලය තුළ දේහයට අවසන් ගෞරව දැක්වීමට ජනතාවට අවස්ථාව සළසා දී තිබේ.

අවසන් කටයුතු සඳහා එදින පස්වරුවේ දේහය ගල්කිස්ස ක්‍රයිස්ට් චර්ච් දේවස්ථානයට රැගෙන එන අතර එහි පැවැත්වෙන දේව මෙහෙයෙන් පසුව ගල්කිස්ස පොදු සුසාන භූමියෙදී අවසන් කටයුතු සිදුකෙරෙනු ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top