‘දේ ෂැල් නොට් ග්‍රෝ ඕල්ඩ්’ (They Shall Not Grow Old) ලෙස නම් කර ඇති මෙම චිත්‍රපටය, පළමු ලෝක යුද්ධය අවසන් වී සියවසක් ගතවීම නිමිත්තෙන් ඔක්තෝබර් 16දා බ්‍රිතාන්‍යයේ සිනමාහල් වල තිරගතවීමට නියමිතය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන් ජැක්සන් පවසා ඇත්තේ සිය සීයා ද පළමු ලෝක යුද්ධයේ සටන්බිමට පිවිසි බැවින් එම ගැටුම සම්බන්ධයෙන් තමා එකළ පටන් ඉතා උනන්දුවක් දැක්වූ බවයි.
මෙම කර්තව්‍යය සඳහා ජැක්සන් මුදල් අයකර නොතිබීම තවත් විශේෂ කරුණකි.
හොලිවුඩ් පුරවරයේ දැවැන්තම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු වන පීටර් ජැක්සන් වඩාත් ජනප්‍රිය වූයේ ‘ලෝඩ් ඔෆ් ද රින්ග්ස්’ හා ‘ද හොබිට්’ යන චිත්‍රපට ඔස්සේය.