Oct 12, 2018

"කූල් ප්ලැනට්" ගින්නෙන් උමාරාගේ ස්ටූඩියෝවටත් හානි

බත්තරමුල්ල පැළවත්ත ප්‍රදේශයේදී ඊයේ (11 ) "කූල් ප්ලැනට්" නම් රෙදි පිළි වෙළෙඳසැල ගිණි ගැනීමේදී ඒ අසල පිහිටි ජනප්‍රිය ගායන ශිල්පී උමාරා සිංහවංශට අයත් Umara music studio ආයතනයටද හානිසිදුවී තිබේ. මේ හේතුවෙන් එම ආයතනය තාවකාලිකව වසා දමා ඇත.

එම අවස්ථාවේදී එහි උමාරා, උමාරියා සහ රයිනි චාරුකා ද එහි සිට ඇති අතර ඔවුන් කිසිවෙකුටක් මෙයින් හානායක් සිදුව නොමැත. ඔවුන්ද හැකි පමණින් ගින්න නිවීමේ කටයුතුවලට සහය වන අයුරු උමාරියා සිය ෆේස්බුක් පිටුවට එක්කර ඇති පින්තූරවල සටහන්ව ඇත.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top