Oct 16, 2018

අමරා රණතුංග අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ ගායන ශිල්පිනී මහාචාර්ය අමරා රණතුංග අභාවප්‍රාප්ත වී ඇත.

දින කිහිපයක සිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටදී ඇය මියයන විට 79 වැනි වියේ පසුවිය.

ඊයේ(15) රාත්‍රියේ හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීන් සඳහන් කරයි.

ප්‍රවීන ගායන ශිල්පි දයාරත්න රණතුංග මහතාගේ බිරිඳ වන ඇය මෙරට සංගීත ක්ෂේත්‍රයේ ප්‍රථම මහාචාර්යවරිය ලෙස සැලකෙයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top