Sathosa

Oct 17, 2018

‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටයට 20 වසරයි! (ඡායා)

ලොව සුවහසක් ජනතාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වූ බොලිවුඩ් චිත්‍රපටයක් වන ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටය එළිදක්වා ඊයේ දිනට විසි වසරක් ගතවිය.

මේ හේතුවෙන් ඊයේ (16) දින ඉන්දියාවේ විශේෂ උත්සවයක් ඉන්දියාවේ පැවැත්වුණු අතර, මෙම අවස්ථාවට චිත්‍රපටයේ ප්‍රධාන චරිත ත්‍රිත්වය රඟපෑ ශාරුක් ඛාන්, කාජල් හා රාණි මුඛර්ජි මෙන්ම එහි අධ්‍යක්ෂක කරන් ජොහාර් ද එක්ව තිබුණි. මෙම අවස්ථාවට බොලිවුඩ් පුරයේ තවත් නළුනිළියන් රැසක්ද සහභාගී විය.

ඊයේ පැවති උත්සවයේ විශේෂ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

වසර 1998 දී එළිදැක්වුණු ‘කුච් කුච් හෝතා හේ’ චිත්‍රපටය විසින් එම වසරේ හොඳම චිත්‍රපටය සඳහා වූ ෆිල්ම්ෆෙයාර් සම්මානය ඇතුළු සම්මාන රැසක් දිනාගැනීමට සමත් විය.

(ඡායා : හින්දුස්ථානි ටයිම්ස්)

 950408ae d1bc 11e8 b4cf 7c02492d3b0a


Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top