රූපවාහිනිය එක්කරනු ලබන මේ නවමු බහු කතා මාලාවල මෙරට ප්‍රේක්ෂකයන් ආශක්ත වන සටන් ජවනිකා, වාහන ලූහුබැඳම්, පිපුරුම්, වෙඩි හුවමාරු දර්ශන වලින් සමන්විතවීම විශේෂ සිද්ධියකි.
එය ක්‍රයිම් සීන් (Crime Scene) ලෙස නම්කර තිබේ.
Crime Scene නාට්‍ය මාලාව දිනපතා විකාශය වන නාට්‍යක් ලෙස නිර්මාණය කර ඇති අතර මෙය කැමරා 6ක් යොදාගනිමින් රූගත කර තිබීම ද කැපී පෙනෙන කරුණකි.
මෙම නාට්‍ය මාලාව සදහා ගුවන් කැමරා තාක්ෂණය, GO PRO කැමරා තාක්ෂණය OSMO කැමරා තාක්ෂණය සමගින් නිෂ්පාදනය වේ. 4K FULL HD ගුණාත්මක රූප නිමාවකින් පටිගත කිරීම් කර තිබේ.
අංග රචනය සදහා නවතම සිලිකන් හා ස්ප්රේමෙකප් තාක්ෂණය භාවිතා කර ඇත.
සාමාන්‍ය නාට්යමාලාවන් වල නොමැති සටන් අධ්‍යකෂක හා ක්‍රියාදාම ශිල්පින්ගේ එකතුවෙන් සිදුවන මෙම නාට්‍ය මාලාව අධ්‍යක්ෂණය කරනු ලබන්නේ දැවැන්තම වාණිජ චිත්‍රපටයක් වන සුපර් සික්ස් අධ්‍යක්ෂණය කරමින් සිංහල සිනමාවට පිවිසි යු. ඒ. පල්ලියගුරු විසිනි. මෙයඔ ඔහුගේ පළමු ටෙලි නාට්යවීමද විශේෂ සිද්ධියකි.
අධ්යක්ෂ පල්ලියගුරු පවසන්නේ තමා කිසි දිනක සම්දාප්රදායික ඒකාකාරි ටෙලි නාට්‍ය අධ්‍යක්ෂණය නොකරන බවට මතයක සිටි බවත්, කෙසේවුවද ක්‍රියාදාම බහු කතා නාට්‍ය මාලාවක් අදහස පහලවීමෙන් පසුව එම තත්ත්වය වෙනස්වූ බවයි.
පැණිමකුළුවෝ, සාමා වැනි චිත්‍රපට නිෂ්පාදනයෙන් ද තුත්තිරි වැනි මෙගා ටෙලි නාට්‍ය තිර රචනයෙන් හා නිෂ්පාදනයෙන්ද පල්ලියගුරු විසින් සිදු කර තිබේ.