විකල්ප වෙබ් අඩවිය සිය 10 වැනි වසරට සමගාමීව පවත්වනු ලබන මෙම සුවිශේෂි ඡායාරූප ප්‍රදර්ශනය තුළදී ලංකාවේ යුද්ධයෙන් වසර 9 කට පසුව, විශේෂයෙන් යුද පීඩනයට සෘජුවම මුහුණ දුන් උතුරු නැගෙනහිර ජනතාවගේ ජීවිතයත්, යුද්ධයෙන් පසුව දකුණේ ජනයා මුහුණ දුන් විවිධ තීරණාත්මක සලකුණුත්, 2009 සිට 2017 දක්වා ශ්‍රී ලංකාව තුළ සිදු වූ හා සිදු කළ අතුරුදන්වීම්, ඉඩම් අත්පත්කර ගැනීම්, අභ්‍යන්තර අවතැන් වූවන්, මාධ්‍ය මර්දනය, ජාතීන්ට එරෙහි හිංසනය, වසර 150 ක් ඉක්ම ගිය ශ්‍රී ලංකාවේ වතු කම්කරුවන් මෙන්ම පශ්චාත් යුද ශ්‍රී ලංකාවේ සුවිශේෂී තත්ත්වයන් ද #UNFRAMED පශ්චාත් යුධ ශ්‍රී ලංකාව – "යුක්තිය සහ ජීවිතය වෙනුවෙන්" යන තේමාව මූලික කොටගෙන ප්‍රදර්ශනය වේ.
ඒ අනුව කොළඹ, මීගමුව, මාතර හා අනුරාධපුර යන නගර කේන්ද්‍ර කරගනිමින් ප්‍රදර්ශන වාර 4 ක් මීට පෙර විකල්ප වෙබ් අඩවිය විසින් පවත්වා තිබේ.
ඔක්තෝම්බර් මස 16සිට 18 දක්වා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී පැවත්වීමට නියමිතව තිබූ පස්වන #UNRAMED ඡායාරූප ප්‍රදර්ශනය සංවිධානය කෙරුණේ ‘මාගේ දේශය අවදිකරනු මැන’තේමාව යටතේය.
සම්පූර්ණ සටහන සඳහා පිවිසෙන්න මෙතනින්
ඡායාරූප ප්‍රදර්ශනය පිළිබද සාරාංශ ගත වෙබ් පිටපත මෙතනින්