Oct 23, 2018

ගාන්ධිතුමා අගයන්න BnSත් එක්වෙයි! (වීඩියෝ)

මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වැනි ජන්ම දිනය සැමරීමට රටවල් ගණනාවක කලාකරුවන් හා එක්ව ගැයූ කළ භජන් ගීතයක් සඳහා ශ්‍රී ලංකාවෙන් ලබාදුන් දායකත්වය පිළිබඳව පසුගියදා එරට සංචාරයක නිරත වූ රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හා මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියට පෙන්වා දී තිබේ.

රටවල් 124ක වැඩි ප්‍රමාණයක කලාකරුවන් සහභාගී වූ මෙම ගීතයට ශ්‍රී ලංකාවේ ජනප්‍රිය තරු ත්‍රිත්වයක් වන භාතිය ජයකොඩි, සංතුෂ් වීරමන් හා උමාරියා සිංහවංශ ද මෙයට දායක වී තිබේ.

මොවුන් මෙලෙස දායක වූයේ ගාන්ධිතුමාගේ ප්‍රියතම භජන් ගීතය වන 'වෛෂ්ණව් ජන තො' යන භජන් ගීතයටයි.

අගමැති මෝදි විසින් ශ්‍රී ලංකා අග්‍රාමාත්‍යවරයාට හා එම මැතිණියට මෙම ගීතය පෙන්වූ අවස්ථාව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශයෙකු වන රවීෂ් කුමාර් විසින් සිය ට්විටර් ගිණුමට එක් කර තිබුණේ මෙලෙසයි.


මෙම අපූරු ගීතය පහත දැක්වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top