Nov 13, 2018

'ස්පයිඩර් මෑන්' නිර්මාතෘ දිවියෙන් සමුගනී

මාවල් චිත්‍රකතා සමාගමේ හිටපු සභාපති හා ඇමෙරිකානු කතුවරයෙකු වන ස්ටෑන් ලී මියගොස් ඇතැයි වාර්තා වේ.

95 වියේ පසුවූ ඔහු ලොස් ඇන්ජලෙස් හි Cedars Sinai වෛද්‍ය මධ්‍යස්ථානයේදී අවසන් හුස්ම හෙලූ බව ඔහුගේ පවුලේ නීතිඥයෙකු ප්‍රකාශ කර තිබේ.

වසර 1961දී ඔහු ෆැන්ටෑස්ටික් ෆෝ චිත්‍රකතාව නිර්මාණය කළ අතර, පසුකාලීනව සිදුකළ ඔහු ගේ නිර්මාණ අතර, 'ස්පයිඩර් මෑන්' හා දි 'ඉන්ක්‍රෙඩිබල් හල්ක්' ද වේ.

ඔහුගේ බිරිඳ ද පසුගිය වසරේදී මියගිය අතර, ඔහුගේ දියණිය වන ජේ.සී. ලී තවමත් ජීවතුන් අතර සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top