Nov 16, 2018

දීපිකා - රන්වීර් විවාහයේ පළමු ඡායාරූප මෙන්න!

බොලිවුඩ් සිනමා තාරකා යුවළක් වන දීපිකා පදුකෝන් සහ රන්වීර් සිං ගේ මංගල උත්සවයේ පළමු ඡායාරූප මේ වන විට මාධ්‍යයට එක්වී තිබේ.

දීපිකා - රන්වීර් ගේ පළමු විවාහ උත්සවය සින්ධි චාරිත්‍ර වලට අනුව බදාදා (නොවැ. 14) පැවැත්විණි. එය ඔවුන් දෙදෙනා එක්ව පළමු වරට රඟපෑ "රාම් ලීලා" චිත්‍රපටයේ පස් වන සංවත්සරය යෙදී තිබුණු දිනය ද විය.

සියලුම මංගල තෑගි දීපිකා පදුකෝන්ගේ 'මානසික සුවතා පදනමට' ප්‍රදානය කරන ලෙස නව යුවල ඉල්ලා ඇත.

තම විවාහ මංගල්‍යය පිළිබඳව කිසිවක් අන්තර්ජාලය ඔස්සේ හුවමාරු නොකරන ලෙස නව යුවල ඉල්ලා සිටි අතර, ඔවුන් විසින් සිය විවාහයේ පළමු ඡායාරූප ඊයේ පැවැත්වුණු දෙවැනි විවාහ උත්සවයෙන් අනතුරුව සිය සමාජ මාධ්‍ය ජාල වලට එක්කර තිබුණි.

ඉතාලියේ කොමෝ විල මැද සුඛෝපභෝගී නිකේතනයක පැවති මෙම විවාහ උත්සවයේ පළමු ඡායාරූප පහත දැක්වේ.

 
 
 
View this post on Instagram
 
 

❤️

A post shared by Deepika Padukone (@deepikapadukone) on

  

 
 
 
View this post on Instagram
 
 

❤️

A post shared by Ranveer Singh (@ranveersingh) on

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top