Sathosa

Nov 23, 2018

ජැක්ලින් රඟන "මැතිව්" දැන් තිරගත වේ

හැත්තෑව දශකයේ අග භාගයේ ලංකාවේ ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇති කිරීමට හේතුවූ මැතීව් පීරිස් පියතුමා විසින් සිදුකළ ද්විත්ව ඝාතනයක් අළලා නිර්මාණය වූ චිත්‍රපටය ඉංග්‍රීසි බසින් "එකෝඩිං ටු මැතිව්" නමින් ද සිංහලෙන් 'මැතිව්' නමින් ද ඊයේ (23දා) සිට දිවයින පුරා සිනමාහල්වල තිරගත කිරීම ආරම්භ කෙරිණි.

සම්මානනීය සිනමා අධ්‍යක්ෂක චන්ද්‍රන් රත්නම් තිර රචනාකොට නිෂ්පාදනය කරමින් අධ්‍යක්ෂණය කළ මැතිව් සිනමාපටයේ ලංකාවේ නෑකම් කියන ජාත්‍යන්තරයේ අතිශය ජනප්‍රිය තරු යුවළක් වන ඇල්ස්ටන් කොච් සහ ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් ප්‍රධාන චරිතයන්ට පණ පොවයි.

හැත්තෑව දශකයේ ඉතාමත් ජනප්‍රිය පොප් ගායකයකු වූ ඇල්ස්ටන්, මැතිව් සිනමාපටයේ පියනමගේ චරිතය මවනු ලබයි. ඔස්ට්‍රේලියාවේ වෙසෙන ඔහු ආසියාවේ පොප් රජු ලෙස විරුදාවලිය ලබා තිබේ. ශ්‍රී ලාංකේය රූ රැජිනක මෙන්ම බොලිවුඩයේ සුපිරි තාරකාවක් වන ජැක්ලින් ෆර්ඩිනැන්ඩස් සිනමාපටයේ ඩැෆ්නි ලෙස රංගනයෙන් දායකවේ. බිම්සරා ප්‍රේමරත්න, කියැන් ඕ ග්‍රේඩි, රයන් විජේරත්න, ජැවින් ලුඩ්වෙක් සෙසු ප්‍රධාන චරිත සඳහා පණපොවයි.

me1

me2

me3

me4

me5

46498293 1099690233547891 2497448372235927552 n

46513216 1099206980262883 1323222154803675136 n

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top