ජැනට් හා කටාර් ජාතික ව්‍යාපාරිකයෙකු වන ඇගේ සැමියා වන විසාම් අල් මානා විසින් ඔවුන් ගේ දරුවාට එයිසා අල් මානා ලෙස නම් තබා තිබේ.
ජැනට් 50 වියේ පසුවන අතර, මේ ඇගේ තෙවැනි විවාහයයි. පොප් සංගීත ලොව රජු වන මයිකල් ජැක්සන් ගේ සහෝදරිය වන ඇය, ජැක්සන් පවුලේ බාල දරුවාය.
මේ වන විට ජැනට් හා දරුවා දෙදෙනාම සුවෙන් පසුවන බව ජැනට් ගේ ප්‍රකාශකයෙකු මාධ්‍ය වෙත පවසා තිබේ.
ජැනට් විසින් පසුගිය අප්‍රේල් මාසයේදී ‘අන්බ්රේකබල්’ සංචාරය කල්දැමීමත් සමග ඇය දරුවෙකු අපේක්ෂාවෙන් සිටින බවට කටකතා පැතිරගොස් තිබුණි.