Sathosa

Nov 28, 2018

ස්පොන්ජ්බොබ් නිර්මාතෘ මියයයි!

ජනප්‍රිය කාටූන් චරිතයක් වන ස්පොන්ජ්බොබ් ස්ක්වෙයාර්පෑන්ට්ස් (SpongeBob SquarePants) නිර්මාතෘ- ස්ටීවන් හිලන්බර්ග් මියගොස් ඇතැයි වාර්තා වේ.

ALS නම් රෝග තත්ත්වය හේතුවෙන් මියගිය ඔහුගේ වයස 57කි.

වසර 1999 සිට මෙම කාටූන් නිර්මාණය විකාශය කළ නිකලොඩියන් රූපවාහිනි සමාගම විසින් මෙම පුවත සනාථ කර ඇත.

ස්පොන්ජ්බොබ් කාටූන් චරිතය නිර්මාණය කිරීමට අමතරව, 2004දී එළිදක්වනු ලැබූ ස්පොන්ජ්බොබ් ස්ක්වෙයාර්පෑන්ට්ස් චිත්‍රපටයද අධ්‍යක්ෂණය කරනු ලැබුවේ හිලන්බර්ග් විසිනි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top