Sathosa

Nov 30, 2018

කූඹියෝ රචකයා සොයන්න පොලීසිය මහජන සහය පතයි

අතුරුදන්ව සිටින කූඹියෝ තිර පිටපත් රචකයා සොයා ගැනීම සඳහා පොලිසිය මහජන සහය අපේක්ෂා කර සිටියි.

වැලිකඩ පොලිස් වසමේ අංක 63, පාසල් මාවත, නාවල රාජගිරිය පිලිනයේ පිහිටි කුලී නිවසේ පදිංචිව සිටි අංක 883බී, සේනානායක මාවත, වන්නියන්කුලම අනුරාධපුරය ලිපිනයේ පදිංචි ජයලත් ආරච්චිලාගේ දොන් දමිත සාගර චන්ද්‍රසිරි ඉකුත් ඔක්තෝබර් මස 24 වැනිදා සිට ආගිය අතක් නොමැති බව පවසමින් ඔහුගේ මිතුරෙකු ඊට දින කිහිපයකට පසු වැලිකඩ පොලිසියේ පැමිණිල්ලක් කර තිබුණි.

මෙම අතුරුදන් වූ පුද්ගලයාගේ ඡායාරූපයක් පහතින් දැක්වෙන අතර ඔහු ගැන තොරතුරක් දන්නා අයෙක් වේ නම් 0112 86 25 22 හෝ 0718 591 650 යන අංක වෙත අමතා දැනුම් දෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

koombiyo

සබැඳි පුවත්
කුඹියෝ රචකයා අතුරුදහන් !

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top