NPD BookScan සමාගමේ දත්ත වලට අනුව, ඇමෙරිකාව හා කැනඩාව තුළ පමණක් මේ වන විට මෙහි පිටපත් මිලියන දෙකකට වඩා අලෙවි වී ඇති අතර, මෙම දත්ත පෙන්ග්වින් රැන්ඩම් ප්‍රකාශන සමාගම විසින් පසුගිය සිකුරාදා හෙළිදරව් කර තිබේ.
ඉන් අමතරව, මෙම නිබන්ධනය ඕස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ජර්මනිය, කොරියාව හා දකුණු අප්‍රිකාව ඇතුළු රටවල් ගණනාවක අධිසාර්ථක ලෙස අලෙවි වන කෘතියක් බවට පත්වී ඇත.
ධවල මන්දිරයට පැමිණීමට පෙර, එහි සිටියදී හා ධවල මන්දිරයෙන් නික්ම යාමෙන් පසුව ඔබාමා පවුලේ පෞද්ගලික ජීවිතය පිළිබඳව කරුණු රැසක් මෙම කෘතියේ ඇතුළත් වේ.