Dec 05, 2018

ප්‍රියංකාගේ අඩි හැත්තෑ පහේ මංගල වේලය! (වීඩියෝ)

පසුගිය සතිඅන්තයේදී විවාහ වූ බොලිවුඩ් නිළියක් වන ප්‍රියංකා චොප්රා ගේ මංගල ඡායාරූප හා වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට මුදා හැර තිබේ.

මෙම වීඩියෝව කාගේත් අවධානයට ලක්වූ ලක්ෂණයක් වූයේ අඩි 75ක් දිගැති ප්‍රියංකා ගේ මංගල වේලයයි.

ප්‍රියංකාගේ හා නික් ගේ විවාහය ක්‍රිස්තියානු චාරිත්‍ර වලට හා ඉන්දියානු චාරිත්‍ර වලට අනුව සිදුවිය.

බටහිර විවාහ මංගල්‍යය වෙනුවෙන් මනාල යුවළගේ ඇඳුම් නිර්මාණය කර තිබුණේ Ralph Lauren සමාගම විසිනි.

දින කිහිපයක් පුරාවට පැවති ඔවුන් ගේ විවාහ උත්සවයට පෙර පැවති මෙහෙන්දි හා සංගීත් උත්සව වල ඡායාරූප මීට කලින් අන්තර්ජාලයට එක්කර තිබුණද, විවාහ උත්සවයේ ඡායාරූප මුල්වරට අන්තර්ජාලයට එක්වූයේ ඊයේ දිනයේදීය.

සබැඳි පුවත් :
ප්‍රියංකා - නික් අතිනත ගනියි! (ඡායා)

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top