Sathosa

Jan 06, 2017

ඕම් පූරි ජීවිත මගට සමුදෙයි!

ඉන්දීය ප්‍රතිභාපූර්ණ බොලිවුඩ් නළුවෙක් වන ඕම් පූරී හදිසි හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් අද (6) උදෑසන මියගොස් ඇත.

ඔහු මියයන විට වයස අවුරුදු 66 ක්.

අද අලුයම මුම්බායි නුවර පිහිටි නිවසේ නිදා සිටි ඇඳ මතම ඕම් පුරි මරණයට පත්ව සිටි බව පවුලේ සාමාජිකයන් ප්‍රකාශකර ඇත.

කලාත්මක සහ ජනප්‍රිය චිත්‍රපටවල භේදයකින් තොරව රගපෑ ඕම් පූරි 80 දශකයේ ඉන්දීය සිනමාවේ ප්‍රකට චිත්‍රපට රැසකට දායකත්වය දැක්වූවෙකි.

ඔහු ජුවෙල් ඉන්ද ක්‍රවුන් නමැති බ්‍රිතාන්‍ය රූපවාහිනි නාට්‍යමාලාවකට ද එක්වූ අතර, සිටි ඔෆ් ජෝයි නමින් ජාත්‍යන්තරයට ගිය සිනමා නිර්මාණයේ දී ද දස්කම් දැක්වීමට සමත් විය.

ඒ වෙනුවෙන් ඔහුට 2004 වසරේදී බ්‍රිතාන්‍යයෙන් සම්මානයක් ද හිමිවුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top