photographic 2
Dec 20, 2018

'මායම් නැති සායම් ' 22 සහ 23 ජා ඇල දී

චිත්‍ර ශිල්පීන් 70 කගේ පමණ සහභාගීත්වයෙන් පවත්වනු ලබන ‘ මායම් නැති සායම්’ චිත්‍ර ප්‍රදර්ශනයේ දෙවැනි දිග හැරුම දෙසැම්බර් 22-23 යන දෙදින ජා ඇල K- Zone වෙළද පරිශ්‍රයේදී පෙ.ව. 9.00 සිට ප.ව. 8.30 දක්වා පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇත.

චිත්‍ර කලාවට දීර්ඝ ඉතිහාසයක් පැවැතියත් ශ්‍රී ලංකාවේ චිත්‍ර ශිල්පියාට තැනක් හිමිවූවාද යන්න ගැටලු සහගතය.

නමුත් පසුගිය වසර 2ක පමණ කාලයක සිට නැවතත් චිත්‍ර කළාව මෙරට ව්‍යාප්ත වෙමින් පවති. මායම් නැති සායම් යනු එහි එක් සංධිස්ථානයකි.

චිත්‍ර ශිල්පීන් 40 කගේ පමණ සහභාගීත්වයෙන් ආරම්භ කරනු ලැබූ ‘ මායම් නැති සායම් ‘ අද වන විට චිත්‍ර ශිල්පීන් 70 කගේ සහභාගීත්වයෙන් පැවැත්වේ.

මෙම ප්‍රදර්ශනයේ විශේෂත්වය වන්නේ‍්, මෙයට පාසල් මට්ටමේ, තරුණ හා වැඩිහිටි යන සෑම වයස් කාණ්ඩයක්ම නියෝජනය කරමින් තමන්ගේ නිර්මාණ ඉදිරිපත් කිරීමට සැදී පැහැදී සිටිමය.

චිත්‍ර ප්‍රදර්ශනයකට අමතරව, මෙහිදි චිත්‍ර කළාව සම්බන්ධයෙන් වැඩමුළු කිහිපයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top