photographic 2
Dec 25, 2018

හච් පාරිභෝගිකයන්ට උදාවූ 'ඇක්වාමෑන්' රාත්‍රිය (ඡායා)

මේ වන විටත් ලොවපුරා බොක්ස් ඔෆිස් වාර්තා තබා ඇති ‘ඇක්වාමෑන්’ චිත්‍රපටය මේ වන විට ශ්‍රී ලංකවේ ස්කෝප් සිනමා ශාලා වල තිරගත වන අතර, එම චිත්‍රපටය නොමිලේ නැරඹීමට අවස්ථාවක් හච් පාරිභෝගිකයන් හට පසුගිය 21දා උදා විය.

ඒ, හච් සමාගම විසින් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ #hutchmoviepremiere හෑෂ් ටැගය යොදා පැවැත්වූ තරගයක ප්‍රථිපලයක් වශයෙනි.

හච් සමාගමේ හිතවත් පාරිභෝගියන් හට තිළිණයක් වශයෙන් සංවිධානය කර තිබුණු මෙම තරගයේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් හට ‘ඇක්වාමෑන්’ චිත්‍රපටය නොමිලේ නැරඹීමට ප්‍රවේශපත්‍ර ලබාදී තිබුණි.

කලම්බු සිටි සෙන්ටර් හි ස්කෝප් සිනමා ශාලා පරිශ්‍රයේ පැවති එම රාත්‍රියේ අවස්ථා කිහිපයක් පහත දැක්වේ.

‘හච්’ වෙළඳ නාමය ඔස්සේ මෙරට සියළු දිස්ත්‍රික්ක වලට ජංගම දුරකථන හා විදුලි සංදේශ සේවා රැසක් ලබාදෙන හචිසන් ටෙලිකොමියුනිකේෂන්ස් ලංකා (පෞද්.) සමාගම, ඉදිරියේදී සිය 4G බ්‍රෝඩ්බෑඩ් සේවා ජාලය තවතවත් වර්ධනය කිරීමට අදහස් කර සිටියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top