Dec 27, 2018

සැවෝයි ප්‍රිමියර් දැන් රාජගිරියේ !

සැවෝයි ප්‍රිමියර් සිනමා ශාලාව පසුගිය 20 වැනිදා රාජගිරියේදී විවෘත විය. බෙන් හෝල්ඩින්ග්ස් හි පූර්ණ උප සමාගමක් වන EAP නවතම සිනමා ශාලාව වන සැවෝයි ප්‍රිමියර් රාජගිරියේ පිහිටි ජන ජය සිටි හි 10 වැනි මහලේ පිහිටා තිබේ.

එය ලොව ඉහළ තාක්ෂණයෙන් යුතු සිනමාහලක් වන අතර ආසන 200කින් සමන්විතය. සැවෝයි ප්‍රිමියර් - රාජගිරිය විවෘත කරමින් Mary Poppins Returns චිත්‍රපටය තිරගත කෙරිණි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top