විකසිත වත කමලේ, හද විලේ, දේව මන්දිරේ, ආදර ප්රිය ළඳුනේ, උන්මාද වූ ප්රේමාදරේ, හදිසියේ හනි හනිකට, හිමි නැති පෙමකට, වාසනා වේවා ආදී ලංකාවේ ජනප්රිය ගීත රැසක් කලාවට දායාද කර තිබේ.
එම පද සියල්ලේ උරුමක්කාරයා වන්නේ කැමිලස් පෙරේරා කියන ප්රවීණ පදරචකයායි. සුවහසක් හදවත් ආදරයෙන් සුවපත් කළ ඔහුගේ දෑගිලි පවා විඩාපත්ව ඇති නමුත් ඒ සුන්දර සිතුවිලි සමුදාය තවමත් එසේමය . එබැවින් ඔහුගේ පද රචනයකට ඉඩක් දෙන්නට තවමත් හැකියාව ඇත. එමෙන්ම හැකි පමණින් වෙනත් අයුරකින් වුවද ඔහුට උදව්විය හැකිය.
වැඩි විස්තර - 0764048885 (ලසිත)