Jan 15, 2019

ලේඩි ගාගා ගේ සතුට දුකට පෙරළෙයි

පෙරේදා දින (13) යනු සුප්‍රකට තරුවක් වන ලේඩි ගාගාට හැඟුම්බර දිනයක් විය.

එදින පැවති ක්‍රිටික්ස් චොයිස් සම්මාන උළෙලේදී ඇය හා ග්ලාන් ක්ලෝස් හොඳම නිළිය වෙනුවන් සම සම්මාන වලින් පිදුම් ලැබීය.

කෙසේවෙතත්, එම සතුට දුකට පෙරළීමට ගතවූයේ පැය ගණනක් පමණි. ඒ, තමා පණමෙන් ආදරය කළ සිය සුරතල් අශ්වයා වන ඇරබෙලා මරණ මංචකය හමුවේ බව දැනගැනීමත් සමගිනි.

ඇයට මේ පිළිබඳව සැළවී ඇත්තේ සම්මාන උළෙල අවසන් වීමත් සමගයි. මේ පිළිබඳව දැනගත් විගස සිය ආදරණීය ඇරබෙලා ගෙන් සමුගැනීමට ලේඩි ගාගා පිටත්වී තිබේ.

ඇය මේ පිළිබඳව ට්විටර් සටහනක් තබා තිබුණේ මෙලෙසිනි.

 


 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top