Jan 16, 2019

කයිලි පැරදවූ බිත්තරේ

ඇමෙරිකාවේ සුප්‍රකට රියැලිටි රූපවාහිනී තරුවක් වන කයිලි ජෙනර් යනු ජනප්‍රිය සමාජ ජාල වෙබ් අඩිවයක් වන ඉන්ස්ටර්ග්‍රෑම් හි රැජිනකි.

එහි වැඩිම පිරිසකගේ කැමැත්ත (Likes) හිමි ඡායාරූපයද හිමිව තිබුණේ කයිලි ටය. ඇගේ ඡායාරූපයට මිලියන 18ක් කැමැත්ත පළ තිබුණි. කෙසේවෙතත්, ඇයගේ ජයග්‍රාහී ඡායාරූපය අභිබවා යාමට මේ වන විට බිත්තරයක් සමත් වී තිබේ.

නම හෙළි නොකළ ලන්ඩන් වැසියෙකු විසින් “world-record-egg” නමින් ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමක් අරඹා මෙම ඡායාරූපය එක්කර ඇති ඇත්තේ ඉන්ස්ටර්ග්‍රෑම් හි වඩාත්ම කැමැත්ත හිමි ඡායාරූපය ලෙස මෙය පත්කරමු යැයි සටහනක් සමගිනි.

සුදු පැහැ පසුබිමක පිහිටි දුඹුරු පැහැ මෙම බිත්තරය සඳහා මේ දක්වා මිලියන 43කගේ කැමැත්ත හිමිවී තිබේ.

 

 

 

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top