Jan 17, 2019

කලා ශිල්පීන් 'සිරස' හැර යයි : ශ්‍යාම් ප්‍රනාන්දු පළමු පියවර තබයි !

සිරස නාලිකාව තුළින් විකාශය වන 'මේ ආදරයයි' ඉන්දියානු ටෙලි නාට්‍යයේ රමන් ගේ චරිතයට හඬකවන ශ්‍යාම් ප්‍රනාන්දු, සිරස හඬ කැවීම්වලින් සම්පූර්ණයෙන්ම ඉවත්ව ඇති බව විශ්වාස කටයුතු මාර්ගයකින් වාර්තා වේ.

එසේ සිරස හඬකැවීම්වලින් ඉවත් වන්නට ඔහුට හේතු වූ ආසන්නම හේතුව වී ඇත්තේ පසුගියදා කලාකරුවන් සහ සිවිල් ක්‍රියාකාරීන් විසින් මාධ්‍ය ආයතනවල ලිපියක් බාරදීමට ගිය අවස්ථාවේ සිරස නාලිකාව තුළින් තම සහෝදර කලාකරුවන්ට කරන ලද නින්දා සහ අපහාස කිරීම බව දැනගන්නට ලැබේ.

ශ්‍යාම් ප්‍රනාන්දු වේදිකා සිනමා රූපවාහිනි රංගන ශිල්පියෙකු ලෙස මෙන්ම හඬකැවීම් ශිල්පියෙකු ලෙස සිය අනන්‍යතාව ගොඩනගාගත් විශිෂ්ට කලාකරුවෙකි.

ඉදිරි දින කිහිපය තුලදී ස්වාධින කලාකරුවන් රැසක් ශ්‍යාම් ප්‍රනාන්දු අනුගමනය කරමින් 'සිරස' සමග ගනුදෙනු අත්හැරීමට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

(මිරර් ආර්ට්ස්)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top