Jan 17, 2019

රූපවාහිණිය සමාජයෙන් ඈත්වෙන මාධ්‍යක්

රූපවාහිණිය යනු සමාජයෙන් ඈත්වෙමින් පවතින මාධ්‍යක් බව රංගන ශිල්පිණියක මෙන්ම නිවේදිකාවකද වන සම්මානනීය නිළි උමයංගනා වික්‍රමසිංහ මහත්මිය පවසයි. පුවත්පත් සාකච්ඡාවකට අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කර තිබුණි.

මෙහිදී විශේෂයෙන් ටෙලිනාට්‍ය සම්බන්ධව අදහස් දක්වන උමයංගනා,

"රූපවාහිණිය කියන්නේ සමාජයෙන් ඈත්වෙමින් පවතින මාධ්‍යක් විදියටයි මට පෙනෙන්නේ. ටෙලි නාට්‍ය කලාවට විශේෂ ඛේදවාචකයක් අත්වෙලා. අද වෙද්දී රූපවාහිණි ආයතන ටෙලි නාට්‍ය කොටසකට ගෙවන ගාන අඩුවෙලා. ඒ නිසා ටෙලි නාට්‍යෙය් නිර්මාණාත්මකබාවය , ගුණාත්මකබාවය රඳවා ගැනීම අභියෝගයක් වෙලා. බාල ගණයේ ටෙලිනාට්‍ය විකාශය වන්නේ ටෙලි නාට්‍ය තෝරනු ලබන පිරිස්වල බාල රසවින්දනය නිසා. හොඳ නාට්‍ය ,නාලිකා ප්‍රතික්ෂේප කරනවා. ඒ නිසා හොඳ රසඥතාවයක් ඇති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගේ අඩුවක් අද තදින්ම පවතිනවා. ඒ නිසා තමයි හැමෝම මාධ්‍යට අත දික් කරන්නේ. මාධ්‍ය හිතාගෙන ඉන්න රසවින්දනය නෙවෙයි ප්‍රේක්ෂකය‍ාට තියෙන්නේ . ඒ නිසා මෙතන චින්තනයේ දුර්වලතාවයක් තියෙනවා" යැයි පවසා තිබුණි.

සමාජය වෙනස්වීමත් සමඟ ප්‍රේක්ෂකයා ඉල්ලන දේ දීමට අසමත්වීම මෙන්ම සාරධර්ම, ආචාරධර්ම පසෙකලා ඔවුන් පටු දේශපාලන අරමුණු සහ මුදල් පසුපස හඹායාම හේතුවෙන් ප්‍රේක්ෂකයා දෙන දේ බැලීමට නොව අවශ්‍ය දේ බැලීමට යොමුව ඇත. එ සඳහා ඔවුන් අන්තර්ජාලය යොදා ගනිමින් සිටී.

සාමාන්‍යෙයෙන් විද්‍යුත් මාධ්‍ය ආයතන විවේචනයේදී ඔවුන් ලබා දෙන සරල ප්‍රතිචාරය වන්නේ බලන්න අකමැති නම් බොත්තම ඔබලා ටී.වී එක ඕෆ් කරන්න. නැත්නම් චැනල් එක මාරු කරන්න යන්නය. බුද්ධිමත් ජනතාව ඒ දෙයම සිදුකරමින් අද රූපවාහිණියෙන් හැකි පමණ ඈත්ව සිටී.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top