කවීෂ්ගේ දෙමාපියන් විසින් අදාළ තොරතුරු ඉරිදා ලක්බිම පුවත්පතට පවසා තිබේ.
දරුවාගේ අධ්‍යාපන කටයුතු අවසන් කර තවත්, නිර්මාණයක් සඳහා දායකවීම වඩාත් හොඳබවට තීරණය කළ නිසා දෙරණේ මේ ගිවිසුමට තමන්ද එකඟ වූ බව කවීෂ්ගේ දෙමාපියන් පවසා ඇත.
මේවන විට එම ටෙලිනාටයේ කොටස් 650කට ආසන්න ප්‍රමාණයක් දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වී තිබේ.
රුපියල් 20කට විකිණිලා
කවීෂ, සොරත හිමිට ඇඳල සිවුරදාගෙන සිටින ජායාරූප කැලැන්ඩර් හා කීටැග් වැනි දේ නිර්මාණය කර ඇති බවත්, ෆේස්බුක් සමාජ ජාලය තුළ එවැනි ඡායාරූප යොදා සෝරත හිමි රුපියල් 20කට විකිණිලා වැනි වදන් යොදා පෝස්ට් දමා තිබූ බව ඇගේ දෙමාපියන් ලක්බිමට පවසා තිබේ.
එසේම, ඇතැමුන් දුරකථන ඇමතුම් දී බැන වැදුනු බවද ඔවුන් හෙළිකර ඇත.
කවීෂගේ අධ්‍යාපන වියදම් සිරසට සම්බන්ධ අයගෙන්
මේ අතර, කවීෂට උදව් කරන අමතක කළ නොහැකිම පිරිසක් සම්බන්ධයෙන්ද ඔවුන් හෙළිකර ඇති අතර, ඔවුන් එසේ හෙළිකර ඇත්තේ සිරස රූපවාහිනියේ විකාශය වූ “පාන් බට්ටා” ටෙලි නාට්‍යයේ පාන් බට්ටා ලෙස රංගනයෙන් දායකවූ ළමා නළුවාගේ මව වන සනාරා පෙරේරා ඇතුළු පවුලේ අයයි.
සිය දරුවා කොළඹ ශා.පීතර විදුහලට ඇතුළත්කර ගැනීමට උදව් කළේද ඔවුන් බව පවසා ඇති කවීෂ්ගේ දෙමාපියන් දැන් ඔහුගේ අධ්‍යාපන වියදම් සියල්ල දරන්නේද ඩුබායි හි පදිංචි ඔවුන් බව හෙළිකර තිබේ.