Jan 25, 2019

එල්ෆින්ස්ටන් යළි විවෘතයි (ඡායා)

නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා විසින් නවීකරණය කරන ලද මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඊයේ (24) රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විසින් විවෘත කරනු ලැබීය.

මෙය ලංකාවේ පැරණිතම රංග ශාලාව ලෙස හැඳින්විය හැකිය.

වර්ෂ 1979 දක්වා පෞද්ගලික සිනමා ශාලාවක් ලෙස පැවති මෙය වර්ෂ 1979 දී රණසිංහ ප්‍රේමදාස අග්‍රාමාත්‍යවරයා විසින් රජයට පවරණු ලැබීය. මෙය දැයට අයත්ව ඇත්තේ ටවර් හෝල් රගහල පදනමටය.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල නවීකරණය කිරීම සඳහා රුපියල් මිලියන 372 ක මුදලක් වැය වී ඇති අතර ආසන 645 යුත් මේ රඟහල නවීන ආලෝකකරණ පද්ධතියකින් ද සමන්විත වේ.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top