Jan 28, 2019

බුකර් සම්මාන අනුග්‍රාහකත්වය නවතියි

බ්‍රිතාන්‍යයේ ප්‍රධානතම සාහිත්‍ය සම්මානයක් වන බුකර් සම්මානයට වසර ගණනක් පුරාවට ලබාදුන් අනුග්‍රාහකත්වය මෙම වසරෙන් පසුව අවසන් කරන බව ‘මෑන් සමූහ සමාගම’ පවසයි.

ඒ අනුව, මෙම සම්මානය වෙනුවෙන් වාර්ෂිකව ලබාදෙන පවුම් මිලියන 1.6ක ප්‍රමාණය, මෑන් සමූහය විසින් මේ වසරේදී ද ලබාදීමට නියමිතය.

වසර 18ක් පුරාවට මෙම අනුග්‍රාහකත්වය යටතේ ලබාදුන් බුකර් සම්මාන හැඳින්වූයේ මෑන් බුකර් සම්මාන ලෙසයි.

නිවේදනයක් නිකුත් කරමින් මෑන් සමූහ සමාගම පවසා තිබුණේ වසර ගණනක් පුරාවට මෙම සම්මානය සඳහා අනුග්‍රාහකත්වය ලබාදීමට හැකිවීම මහත් ගෞරවයක් ලෙස සලකන බවයි.

කෙසේවෙතත්, බීබීසී ලෝක සේවය වාර්තා කර ඇත්කේ පසුගිය කාලය පුරාවට බුකර් සම්මාන සංවිධායකයන් හා මෑන් සමූහය අතර සබඳතාවය තරමක් පලුදු ව පැවති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top