Sathosa

Jan 11, 2017

දමිත් අසංක විශ්වයේ ඇත්ත හොයන ගමන්

පසුගිය අවුරුදු කීපයක සිට තමන් බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනයක සිටින බවත් ඒ නිසාම ආගමට වඩා දර්ශනයට කිට්ටු වී සිටින බවත් ජනප්‍රිය ගායක දමිත් අසංක පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් සදහන් කර සිටියි. 

දර්ශනය ඉගෙන ගන්න ඕන මුලින්. ඒ වගේම මගේ ලොකු අශාවක් තියෙනවා විශ්වයේ තියෙන ඇත්ත හොයාගන්න. ඒ පිළිබඳවත් මම අධ්‍යයනයක ඉන්නවා.

''මහණදම් පිරීම සඳහා අදහසක් තිබෙනවාද?

එහෙම අදහසක් තාම නැහැ. නමුත් මම කැමතියි බුද්ධ දර්ශනය පිළිබඳව අධ්‍යයනය කරන්න. එය මගේ අශාවක්.''

මුහුණුපොතේ දමිත් අසංකලා විශාල ප්‍රමාණයක් සිටින බවත්  වංචනිකයන්ට හසුනොවී බුද්ධිමත්ව සිතා බලා ඇත්ත දමිත් අසංක සොයාගෙන ඇසුරු කරන්න කියා රසිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් ඔහු සදහන් කර සිටියි.

එසේම දිගු නිහැඬියාවකට පසු දමිත් අසංකගේ නවතම ගීතය 'මේ රිදුම්’ නමින් එළිදක්වා ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top