Feb 06, 2019

ජෙනිෆර් ලෝරන්ස්, කුක් ට සෙට් වෙලා!

සම්මානනීය නිළියක් වන ජෙනිෆර් ලෝරන්ස් විවාහ ගිවිසගෙන ඇතැයි ඇගේ නියෝජිතයෙකු ඇමෙරිකානු මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

28 හැවිරිදි ලෝරන්ස් විවාහ ගිවිසගෙන ඇත්තේ 34 හැවිරිදි කලා නියෝජිතයෙකු වන කුක් මැරෝනි සමගිනි.

විවාහ ගිවිසගැනීමේ මුදුවක් පැළඳි ලෝරන්ස්, පසුගිය සතිඅන්තයේදී මැරෝනි සමග නිව්යෝක් හි සවස් යාමක් ගත කරන අයුරු බොහෝදෙනාගේ නෙත ගැටීමෙන් අනතුරුව මොවුන් දෙදෙනා විවාහ ගිවිසගෙන ඇතැයි දැයි කසුකුසුවක් පැතිරගොස් තිබුණි.

මොවුන් දෙදෙනා විවාහ වන දිනයක් තවමත් නිවේදනය කර නොමැත.

ඔවුන් දෙදෙනාව මුනගස්වා ඇත්තේ ලෝරන්ස් ගේ දීර්ඝ කාලීන මිතුරියක් වන ලෝරා සිම්ප්සන් විසිනි.

හන්ගර් ගේම්ස් වැනි නාට්‍ය ඔස්සේ අතිජනප්‍රිය නිළියක් බවට පත්වූ ලෝරන්ස්, හොලිවුඩයේ වැඩිම ආදායමක් ලබන නිළියකි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top