Feb 07, 2019

ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර මිය යයි

ප්‍රවීණ ඡායාරූප ශිල්පියෙකු, සිනමා තිර රචයෙකු , සහාය අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම සිනමා මාධ්‍යෙව්දියෙකුද වන රාජ්‍ය ඡායාරූප උපදේශක සභාවේ සභාපති බර්ටි ගුණසේකර මහතා අභාවප්‍රාප්ත වී ඇත.

මෙරට ඡායාරූපකරණයට අමිල මෙහෙවරක් කළ ඒ මහතා සිනමාවේද ස්වර්ණමය යුගයේ බිහිවූ " හන්තානේ කතාවේ " සම තිර රචකයාද වේ.

මෑත කාලයේ ඔහු සිය ඡායාරූපකරණය පිළිබඳ වූ දැනුම් සම්භාරය බෙදාහදා දෙන ආදරණීය ගුරුවරයෙකුද විය.

ඒ මහතාගේ අවසන් කටයුතු හෙට (08) දින සිදුකරන බව දැනුම් දෙයි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top