Feb 13, 2019

අන්තර්ජාලයට ‘නිල්’ විල් අවුල් ලු (වීඩියෝ)

ඩිස්නි කාටූන් අතරින් දශක ගණනක් පුරාවටම අතිජනප්‍රියත්වය වූ ‘ඇලඩින්’ හි චිත්‍රපටය මේ වසරේ මැයි මාසයේ එළිදැක්වීමට සියලු කටයුතු සූදානම්.

ගයි රිචිගේ අධ්‍යක්ෂණයක් වන “ඇලඩින්” හි නවතම පූර්ව ප්‍රචාරක පටය පසුගියදා පැවති ග්‍රැමි සම්මාන උළෙල අතරතුර දී එළිදක්වනු ලැබුණු අතර, මෙම චිත්‍රපටයේ ප්‍රධාන හා ජනප්‍රියතම චරිතයක් වන පුදුම ලාම්පුවේ ’ජීනී ’ ගේ චරිතය ඇතුළත් පළමු දසුන් එහි අඩංගු විය.

මෙම චරිතයට පෙනී සිටියේ ‘මෙන් ඉන් බ්ලැක්’, ‘ඉන්ඩිපෙන්ඩන්ස් ඩේ’ වැනි චිත්‍රපට ඔස්සේ දැවැන්ත ජනප්‍රියත්වයක් ගොඩනගා ගත් විල් ස්මිත්.

කෙසේවෙතත්, නිල් පැහැති විල් ස්මිත් ගේ රුවට අන්තර්ජාලය දක්වා තිබුණේ යහපත් ප්‍රතිචාරයක් නොවේ.

“විල් ස්මිත් පෙනී සිටින ජිනී භූතයා මගේ හීන ඇතුලේ හොල්මන් කරාවි.” “මට කිසිදිනක නිදා ගැනීමට නොහැකි වේවි ඒ විල් ස්මිත්ගේ වැරැද්දෙන්,” වැනි පණිවිඩ ට්විටර් ඔස්සේ පළ වී තිබුණු අතර, ඇතැමුන් පවසා තිබුණේ සිය අවසන් තීරණය චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ගන්නා බවයි.

  


 

 


 

නිල් පැහැ විල් ස්මිත් ඇතුළත් මෙම නවතම පූර්ව ප්‍රචාරක පටය පහතින්

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top