Feb 16, 2019

බුද්ධිකගේ ආදරේ අහවර වෙයි!

බුද්ධික ක්‍රිෂන් කියන්නේ හඩ අනුකරණයට අති දක්ෂ ගායන ශිල්පියෙක්. ඔහු ජනප්‍රියත්වයට පත්වුණෙත් ඒ දක්ෂතාවය නිසාමයි.

මේ වන විට බුද්ධිකගේම අනන්‍යතාවයෙන් යුතු ගීත කිහිපයත්ම ජනප්‍රියත්වයට පත්වෙලා අවසන්. ඔහුගේ අලුත්ම ගීතය තමයි 'ආදරේ අහවරයි' ගීතය.

මෙහි පද රචනය ලසිත් ජයනෙත්තිගේ යි. තනුව දිල්ෂාන් සිල්වාගේ ය.

වර්තමාන කණ්ඩායම් සංගීත ක්ෂේත්‍රයේ බොහෝ දෙනක්ගේ ආදරයට පාත්‍රවුණ ජනප්‍රිය තරුණ ගායන ශිල්පියෙක් වන බුද්ධික සීරිසස් සංගීත කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියෙක්.

ආදරේ අහවරයි
මගෙ කදුලු සාධාරණයි. තියුණු වේදනාවයි
දැන් ඉතුරු හිස් අත් දෙකයි
ජීවිතේ තිත්ත ඇයි
ඔබ කරපු දේවල් නිසයි
නුඹට නම් හරි සැපයි
මට යන්න කාලේ ළගයි

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top