ඒ, මයිකල් ජැක්සන් විසින් පිරිමි දරුවන් දෙදෙනෙකු අපයෝජනයට ලක්කර ඇති බවට පෙන්වන ‘ලීවින් නෙවර්ලන්ඩ්’ (Leaving Neverland) නම් මතභේදාත්මක වාර්තා වැඩසටහන විසින් පැරණි ගිවිසුමක් උල්ලංඝණය කර ඇතැයි පවසමිනි.
මීට ප්‍රතිචාර වශයෙන් HBO නාලිකාව පවසා ඇත්තේ මෙම වාර්තා වැඩසටහන කලින් යොදාගත් දිනට දින කිහිපයක් පෙරාතුව විකාශය කරන බවයි.
ඒ අනුව, පැය 4ක් දීර්ඝ ‘ලීවින් නෙවර්ලන්ඩ්’ වාර්තා වැඩසටන මාර්තු 03 හා 04 දෙදින තුළ විකාශය වීමට නියමිතය.
මෙමගින් වේඩ් ජොන්සන් ගේ හා ජේම්ස් සේෆ්චක් ගේ කතාපුවත් දිගහැරෙන අතර, 1960 වැනි දශකයේදී ඔවුන් දරුවන්ව සිටියදී මයිකල් ජැක්සන් තමන්ව ලිංගික අපයෝජනයට ලක්කළ බව ඔවුන්ගෙන් චෝදනා එල්ල විය.
මෙම වසරේ ජනවාරි මාසයේදී සන්ඩනස් උළෙලේදී එළිදුටු ‘ලීවින් නෙවර්ලන්ඩ්’ වාර්තා වැඩසටහන මයිකල් ජැක්සන් ගේ බූදල් පැවරුම හා ජැක්සන් පවුලේ සාමාජිකයන් විසින් ඉතා දරුණු ලෙස විවේචනයට ලක්කර තිබුණි.
ලොව සිටි සුපිරිම පොප් ගායකයා ලෙස සැලකෙන මයිකල් ජැක්සන් ගේ බූදල් පැවරුම විසින් ඇමෙරිකානු ඩොලර් මිලියන 100ක් ඉල්ලමින් HBO නාලිකාවට නඩු පැවරීමට නියමිත බව වාර්තා වේ.
මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362