Feb 24, 2019

19 වසරකට පසු සංජේ - සල්මාන් ආදර අන්දරයක් 

සුපිරි බොලිවුඩ් නිර්මාණ පසුපස සිටින දැවැන්තයෙකු වන සංජේ ලීලා බන්සාලි මෙන්ම බොලිවුඩ් පුරවරයේ ඛාන් තුන් කට්ටුවට අයත් සල්මාන් ඛාන් යළිත් සිනමා ආදර අන්දරයකට මුලපිරීමට නියමිත බව වාර්තා වේ.


මෙම චිත්‍රපටයේ රූගතකිරීම් 2019 අගභාගයේ දී ආරම්භ වීමට නියමිත බව පැවසේ.

මෙහි විශේෂත්වය වන්නේ ඔවුන් දෙදෙනා සිනමා ආදර අන්දරයක් සඳහා එක්වන්නේ වසර 19කට පසුව බැවිනි. 
 
ඔවුන් දෙදෙනා අවසන් වරට සහභාගී වූ හම් දිල් දේ චුකේ සනම් චිත්‍රපටය එවකට ඉන්දියාවේ තිරගත වූ ජනප්‍රියතම ලෙස ඉතිහාසගත විය.

(TOI ඇසුරෙනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top