Feb 26, 2019

2019 ජපන් සංස්කෘතික උළෙල, මාර්තු 02දා

වසර 2019 ජපන් සංස්කෘතික උළෙල, මාර්තු 02දා කොළඹ නිදහස් චතුරශ්‍රයේ ආකේඩ් Arcade පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

ලංකාවේ තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන මෙම සංස්කෘතික උළෙල එදින පස්වරු 4.30 සිට 10.00 දක්වා පැවැත්වේ.

මෙ සංස්කෘතික උළෙල කොටස් තුනකින් සමන්විත වනු ඇති අතර ඊට විසිපස් වැනි ඔස්කා සම්මාන ප්‍රදානෝත්සවය, සංස්කෘතික සංදර්ශනයක් හා “Spirited Away (Sen to Chihiro no Kamikakushi) නම් සම්මානලාභී ජපන් සජීවීකරණ චිත්‍රපටය ඇතුළත් වේ.

මෙම අවස්ථාව මහජනයා හට නොමිලේ විවෘත වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top