ඒ අනුව, ඔහු මීළඟ පස් වසර පුරාවට අනුග්‍රාහකත්වය ලබාදෙනු ඇත්තේ ශ්‍රීමත් මොරිට්ස් හා ඔහුගේ බිරිඳ වන හැරියට් හේමන් විසින් සිදුකරගෙන යනු ලබන පුණ්‍යායතනයක් වන ’ක්රෑන්ක්ස්ටාර්ට්’ විසිනි.
මීට කලින් වසර 18ක් පුරාවට මෑන් සමූහය විසින් අනුග්‍රාහකයත්වය සපයනු ලැබූ මෙම සම්මානය හඳුන්වනු ලැබුවේ මෑන් බුකර් ත්‍යාගය ලෙස වුවද, ඉදිරියේදී මෙයට මොරිට්ස් මහතාගේ නම එකතු නොවනු ඇත. එය ඉදිරියේදී හඳුන්වනු ලබන්නේ බුකර් ත්‍යාගය ලෙසයි.